ඉතාලි ළදරු පෙට්ටියක මියගිය බිළිඳෙක්

ඉතාලි ළදරු පෙට්ටියක මියගිය බිළිඳෙක්

දකුණු ඉතාලියේ අතහැර දැමූ ළදරුවන් සඳහා වූ සකස් කර ඇති පෙට්ටියක තිබී පිරිමි ළදරුවෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මාසයක් පමණ වයසැති බිළිඳා සොයාගෙන ඇත්තේ පුග්ලියා කලාපයේ බාරි හි සැන් ජියොවානි බැටිස්ටා දේවස්ථානයෙන්.
ප්‍රදේශවාසී පූජකවරයා පවසා ඇත්තේ ඔහුට අනතුරු ඇඟවීමට ඇති යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක වී නැති බවයි

පල්ලියේ පූජක ඇන්ටෝනියෝ රුසියා පියතුමා ඉතාලි මාධ්‍යයට පවසා ඇත්තේ යමෙකු අතහැරදමන ළදරුවෙකු තොටිල්ලේ තැබූ විට, වහාම ඔහුට අනතුරු ඇඟවීමක් ලෙස සංඥාවක් ලැබෙන බවයි.

නමුත්, මෙලෙස මෙම ළදරුවා තොටිල්ලට දැමූ පසු ඊට සම්බන්ධ කර ඇති ඔහුගේ ජංගම දුරකථනය නාද නොවූ බව ඔහු පවසා තිබෙනවා.

පෞද්ගලිකත්වය ලබා දීම සඳහා පල්ලියෙන් පිටත මෙලෙස අතහැර දමන දෘවන් බහා යාමට ඇති ළදරු පෙට්ටියක් ඇති බව සඳහන්.
බිළිඳෙකු එම තොටිල්ලේ තැබූ පසු, තාපන පද්ධතියක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර, පූජකවරයාගේ ජංගම දුරකථනයට දැනුම් දීමක් යැවෙන බව සඳහන්.

එම ස්ථානය පසුකර යමින් සිටි ප්‍රාදේශීය අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙකු විසින් මියගිය දරුවා සොයා ගෙන පල්ලියේ පූජකවරයාට දැනුම් දී තිබෙනවා.

දරුවා මිය ගියේ කවදාද සහ කෙසේද යන්න තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණයක් සිදු කරන බව පොලිස් නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This