බලාපොරොත්තු රහිත ලෙස මිල මුදල් වැයවෙයි

අද දවස ඔබට කොහොම ද?

බලාපොරොත්තු රහිත ලෙස මිල මුදල් වැයවෙයි

16.01.2025 බ්‍රහස්පතින්දා

අද – 01.57 සිට 07.27 දක්වා
හෙට – 10.57 සිට 12.27 දක්වා

මේෂ

ශුභාශුභ ඵලදෙයි. ක්‍රියාශීලි දිනකි. උත්සව සාද වැනි දේට හේතුයි. නව නිර්මාණකරණයට ද ශුභයි. සුහද ඇසුරු සබඳතා ඇතිවෙයි. ළඟම ඥාතීන් නිසා වැයපස ඉහළයයි. සිරසගත රෝග, වාත රෝග මතුකරයි.

ශුභ වර්ණය – රතු/ ජය අංකය – 07

වෘෂභ

තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. ප්‍රීති උත්සව සාද යෙදේ. නවක මිතුදම්, ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. පවුලේ ඥාතීන් සමග සුහදතා ක්‍රියාවන්හි යෙදේ. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. කාස ස්වාස රෝග මතු කරයි.

ශුභ වර්ණය – රෝස/ ජය අංකය – 01

මිථුන

ක්‍රියාකාරකම් බහුලවන අතර දෙවරක් සිතා බලා තීරණ ගත යුතුයි. රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. මංගල සාද වැනි උත්සව ද යෙදේ. තරමක් මිල මුදල් වැය වෙයි. භූමි ලාභ මතුවේ. මුත්‍රාරෝග මතු කරයි. උෂ්ණ රෝග දේ.

ශුභ වර්ණය – කොළ/ ජය අංකය – 06

කටක

ක්‍රියාකාරි දිනකි. තම ඥාතී මිත්‍රාදින් එක්ව ක්‍රියාකරයි. වැයපස ද ඉහළයයි. උත්සව සාද යෙදේ. තරමක් මිල මුදල් වැයවේ. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. හදිසි ලාභ දේ. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග දේ.

ශුභ වර්ණය – කහ/ ජය අංකය – 05

සිංහ

ක්‍රියාකාරකම් බහුල වෙයි. ගමන් බිමන් ද අධික වන අතර බලාපොරොත්තු රහිත ලෙස මිල මුදල් වැයවේ. ආගමිකවතාවත් හා චාරිත්‍රවල යෙදෙන අතර අමතර ලාභ ද ගෙනදෙන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.

ශුභ වර්ණය – ළා දම්/ ජය අංකය – 02

කන්‍යා

ගමන් බිමන් අධික වෙයි. ආගමිකවතාවත් ගරු කරන අතර තම ඇසුරු කරන්නෝ ද දහමට යොමු වෙයි. සභාවේ දිනයි. මිතුදම් වර්ධනය වෙයි. අමතර ලාභ ලැබීම් ඇතිවන දිනකි. ආමාශගත රෝග, මූල රෝග මතුවේ.

ශුභ වර්ණය – රන්වන්/ ජය අංකය – 03

තුලා

ක්‍රියාකාරම් බහුල වීමෙන් කලබලකාරි වතාවරණයක් මතු කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදෙන අතර මිල මුදල් වැයවෙයි. දහමට අවතීර්ණව ක්‍රියාකරයි. සෙම් රෝග මතු කරයි.

ශුභ වර්ණය – රන්වන්/ ජය අංකය – 04

වෘශ්චික

තරමක් අවිවේකි දිනකි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවන අතර ආගමික පුදපූජා ආදියෙහි ද යෙදේ. පොදු සේවා ක්‍රියාකාරකම්වල ද යෙදෙන අතර වැයපස ඉහළයයි. හන්දි ආශ්‍රිත රෝග, වාත රෝග මතුවේ.

ශුභ වර්ණය – දුඹුරු/ ජය අංකය – 08

ධනු

ශුභවාදී ඵලදෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. විනෝද ක්‍රියා හා ගමන් යෙදේ. නව මිතුදම් ඇතිවෙයි. මිල මුදල් වැය වන දිනකි. පාද ආබාධ, සන්ධි රෝග යෙදෙයි.

ශුභ වර්ණය – තැඹිලි/ ජය අංකය – 01

මකර

ශුභාශුභ ඵලදෙයි. උත්සව සැණකෙළි වැනි දේට සහභාගි වීමේ අවස්ථා යෙදේ. විනෝදජනක ක්‍රියාවල යෙදෙන අතර තම ඥාතී මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. අමතර ලාභ ලබයි. සෙම් බහුල වී රෝග මතු කරයි.

ශුභ වර්ණය – තද දුඹුරු/ ජය අංකය – 08

කුම්භ

ගමන් බිමන් අධික වන අතර අවිවේකි දිනකි. පොදු සේවා කටයුතු, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. නිවස උත්සව ශ්‍රියාවක් ගෙනදෙයි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියාකරයි. කොන්දේ අමාරු, වාතාධික රෝග මතුවේ.

ශුභ වර්ණය – නිල්/ ජය අංකය – 05

මීන

අවිවේකි බව ගෙනදෙයි. ප්‍රීති සාද සැණකෙළිවැනි දේවලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. තම ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටුකරයි. මිල මුදල් ද තරමක් වැය කරන දිනකි. සිරසගත රෝග ද යෙදෙයි.

ශුභ වර්ණය – දම්/ ජය අංකය – 09

Share This