ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම, ඇමරිකාවේ අපේක්ෂාවයි
ජූලී චන්ග් කියයි
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරුන් හමුවී තිබෙනවා.
ඒ, අද (20) බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී යි.
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව ඔවුන්, එහිදී සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව වන බවත්, රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඇමරිකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ජුලී චන්ග් එහිදී සඳහන් කළා.
දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා නව රජය ගන්නා උත්සාහය අගය කරන බවද ඇය එහිදී කියා සිටියා.
මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්ධනය සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත්, සයිබර් අවකාශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහයෝගීතාවය ලබා දීමට සූදානම් බවත් ඇය ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ද එක්ව සිටියා.