බොලිවුඩයේ තරු දරුවන්ගේ දස්කම් – ධිරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේ වාර්ෂික දිනය

බොලිවුඩයේ තරු දරුවන්ගේ දස්කම් – ධිරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේ වාර්ෂික දිනය

බොලිවුඩය කියන්නෙ දස්කම් මහ හුඟක් පිරුණු තැනක්.

එහි අතීත සහ වර්තමාන පරම්පරාව ගැන විස්තර කරන්න ඕනිම නැති තරම්නෙ.

ඒ නිසා අපි හිතුවා බොලිවුඩයේ අනාගතය ගැන කියන්න.

ඊට හේතු වුණේ, ඊයේ (19) රාත්‍රියේ පැවති මුම්බායි හි ‘ධිරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේ’ වාර්ෂික ප්‍රසංගය.

මේ ප්‍රසංගය විශේෂ වෙන්නෙ, එය බොලිවුඩයේ තරු ළමයින්ගේ දස්කම්වලින් හැඩවෙන නිසාවෙන්.

විශේෂයෙන්ම ෂාරුක් ඛාන්ගේ පුත් ආබ්‍රම් සහ ඓශ්වර්යා රායිගේ දියණිය ආරාධ්‍යා බච්චන් නිසාවෙන්.

ඊයේ මෙම ප්‍රසංගයට ඓශ්වර්යා රායි, අභිෂේක් බච්චන්, අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, සුහානා ඛාන්, ගෞරි ඛාන්, කරීනා කපූර්, සයිෆ් අලි ඛාන්, මීරා රාජ්පුත්, ෂාහිඩ් කපූර් සහ තවත් තරු ඔවුන්ගේ දරුවන්ගේ දස්කම් දැකබලා ගන්න ඇවිත් උන්නා.

ඒ වගේම නීටා අම්බානි, මුකේෂ් අම්බානි සහ ඊෂා අම්බානි එහි මුල්තැන අරන් තිබුණා.

ප්‍රසංගයේ කාගෙත් ඇහැ ගිහින් තිබුණෙ, ආරාධ්‍යා බච්චන් – ආබ්‍රම් ඛාන් ඇතුළු පිරිසගේ ඉදිරිපත් කිරීම දිහාවට.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි හි පිහිටි ජාත්‍යන්තර පාසලක් තමයි, ‘ධිරුබායි අම්බානි ජාත්‍යන්තර පාසල’

එය අයිති වෙන්නෙ, Reliance Industries සමූහයට. එහෙමත් නැත්නම්, අම්බානිලාගේ වත්කම් අතරට.

මුකේෂ් අම්බානිගේ බිරිඳ වන නීටා අම්බානි තමයි මේ පාසලේ සභාපතිනිය වෙන්නෙ.

Share This