චීනයේ Qinghai-Tibet සානුවේ ටොන් මිලියන 20ක නව තඹ ආකරයක්

චීනයේ Qinghai-Tibet සානුවේ ටොන් මිලියන 20ක නව තඹ ආකරයක්

චීනයේ Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් ඔවුන් නව තඹ ආකරයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ අදාළ සානුව ආශ්‍රිතව මේ වනවිට සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20 කට වඩා වැඩි බවයි.

කෙසේවෙතත් Qinghai-Tibet සානුව ආශ්‍රිත තඹ සම්පත ටොන් මිලියන 150 ක ඇස්තමේන්තුගත විභවයක් සහිත වනු ඇතු බවටයි වාර්තා පළ වන්නේ.

ඒ අනුව මෙම කලාපය ලෝක මට්ටමේ තඹ සම්පත් කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීමට චීනය සූදානම් වනවා.

මෙම සොයා ගැනීම චීනයේ තඹ සම්පත් ආරක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති අතර චීනයේ හරිත බලශක්තිය සංවර්ධනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අනෙකුත් කර්මාන්ත සංවර්ධනයට ද සහාය දෙනු ඇති.

 

Share This