දේශපාලන බලපෑමෙන් තොර සමුපකාර සේවාවක්

දේශපාලන බලපෑමෙන් තොර සමුපකාර සේවාවක්

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වවුනියාව දිස්ත්‍රික් සමුපකාර නිලධාරීන් දැනුවත් කිරීම සඳහා සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින්.

සමුපකාර පරිපාලනය සඳහා දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන් තොර කණ්ඩායම් අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය වසර 15ත් 20ත් අතර කාලය තුළ වටිනා රාජ්‍ය සේවා ආයතන පද්ධතිය බිඳවැටි ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්‌නේ.

මේ හේතුවෙන් එය කඩිනමින් නගා සිටුවීමේ අවශ්‍යතාව පවතිනවා.

ඊට අවශ්‍ය නිසි දේශපාලන නායකත්වය, සංවර්ධන වැඩපිළිවෙල හා පාලන ආදර්ශය ලබාදීමට ජාතික ජනබලවේගය කටයුතු කර ඇති බව සඳහන්.

Share This