මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

2025 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, එක් එක් පළාත් සභාව වෙනුවෙන් 2025 වර්ෂයේ ජාතික අයවැය මඟින් වෙන් කරනු ලබන පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් අවශ්‍යා ඇතුළත් වාර්තාව එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

එය ක්‍රියාත්මක කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ(7) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එම නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

Share This