ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට

ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

රට තුළ පැවති ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පසුගියදා හිමි වුවා.

ඒ අනුව පෙබරවාරි 28 වැනි දින දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසනවා.

සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබුණේ වසර 15කට පමණ පසුව වීම විශේෂත්වයක්.

Share This