ටික් ටොක් මීලඟ හිමිකරුවා මස්ක් ද , මිස්ටර්බීස්ට් ද , ලැරී එලිසන් ද ?
මිස්ටර්බීස්ට් නමින් ප්‍රසිද්ධ ජිමී ඩොනල්ඩ්සන් , එලෝන් මස්ක් සහ ලැරී එලිසන් යන අය ටික් ටොක් හි අමෙරිකා හිමිකාරීත්වයට ලංසු ඉදිරිපත් කර ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.
පුද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදී ටිඔක් ටොක් වීඩියෝවක් මගින් ම මිස්ටර්බීස්ට් ඔහුගේ මිලියන ගණනක් වන ටික්ටොක් අනුගාමිකයින්ට පවසා ඇත්තේ,ටික් ටොක් වේදිකාව මිලදී ගැනීමට ඔහු ලංසුවක් ඉදිරිපත් කර ඇති බවයි.
ඉන්පසු ඔහු අහඹු ලෙස නව අනුගාමිකයින් පස් දෙනෙකුට ඩොලර් 10,000 ක් ලබා දෙන බවටත් පොරොන්දු වී තිබෙනවා.
පසුගිය සඳුදා සිට මිස්ටර්බීස්ට් ගේ මෙම වීඩියෝව මිලියන 73 කට වඩා නරඹා ඇති බවත් සඳහන්.
ඩොනල්ඩ්සන් යනු අමෙරිකා එක්සත් ජනපදයේ වේගයෙන් වෙනස්න දේශපාලන නාට්‍යයක මාතෘකාව බවට පත්ව ඇති අතිශයින් ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාව වන ටික්ටොක් මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇති බහුවිධ තරඟකරුවන්ගෙන් කෙනෙක්.
පසුගිය වසරේ, එවකට ජනාධිපති ජෝ බයිඩන්, ටික්ටොක් හි චීනය පදනම් කරගත් මව් සමාගමක් වන ByteDance හට වේදිකාව විකිණීමට හෝ අමෙරිකා එක්සත් ජනපදයේ තහනමකට මුහුණ දීමට ජනවාරි 19 දක්වා කාලය ලබා දුන් නීතියකට අත්සන් තැබුවා.
මෙම නීති සම්පාදනය මගින් චීන රජය සමඟ ඇති සම්බන්ධතා පිළිබඳ ගැටළු සහ ටික් ටොක් යෙදුම ජාතික ආරක්ෂක අවදානමක් බවට ඇති කනස්සල්ල නැවත ආමන්ත්‍රණය කළ බව සඳහන්.
මේ පිළිබඳ අදහස් දක්වමින් නව ජනපති ට්‍රම්ප්, Tik Tok වේදිකාවේ අමෙරිකාවට 50% ක හිමිකාරීත්වයක් තිබීම යහපත් බව පවසා තිබෙනවා.
පසුගියදා ජනපති ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් කර Tik Tok යෙදුම තවත් දින 75 ක් ක්‍රියාත්මක වීමට ඉඩ සලසා දුන්නා.
මෙම මස මුලදී, බ්ලූම්බර්ග් වාර්තා කළේ චීනය ලොව ධනවත්ම මිනිසා සහ දැනටමත් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හිමි ජනාධිපති ට්‍රම්ප්ගේ සමීප මිතුරෙකු වන එලොන් මස්ක්ට Tik Tok විකිණීමට එහි මව් සමාගම සලකා බලමින් සිටින බවයි.
නමුත් මෙම සතියේ මස්ක් විසින්ම X හි ලියා ඇත්තේ Tik Tok තහනමට එරෙහිව දිගු කලක් තිස්සේ පෙනී සිටියද, X චීනයේ ක්‍රියාත්මක වීමට අවසර නොදෙන වත්මන් තත්වය අසමතුලිත බවත්, ඒ නිසාම යමක් වෙනස් කළ යුතු බවයි.
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී, වාර්තාකරුවෙකු ට්‍රම්ප්ගෙන් ටික් ටොක් අමෙරිකානු හිමිකාරීත්වය පිළිබඳව විමසා තිබෙනවා.
ටික් ටොක් වේදිකාව එලෝන් මස්ක් හෝ , දිගු කාලීන ට්‍රම්ප් ආධාරකරුවෙකු වන ඔරකල් සභාපති ලැරී එලිසන් මිලදී ගන්නවානම් තමන් ඊට කැමැත්තෙන් සිටින බවයි ජනපති ට්‍රම්ප් එහිදී පවසා ඇත්තේ.
ඔරකල් යනු ටික්ටොක් හි ප්‍රධාන සේවාදායක සැපයුම්කරුවන්ගෙන් එකක් වන අතර, එහි බිලියන ගණනක් Tik Tok වීඩියෝ ගබඩා කර ඇති දත්ත මධ්‍යස්ථාන බොහොමයක් කළමනාකරණය කරනවා.