ටික්ටොක් හි මව් සමාගම ගනුදෙනුවක් පිළිබඳව ක්‍රියාකාරී සාකච්ඡාවක
අමෙරිකා එක්සත් ජනපදයේ ටික් ටොක් යෙදුම අතුරුදහන් වීම වැළැක්වීම සඳහා ගනුදෙනුවක් ඉක්මනින් සිදු කර ගැනීමට අදාල සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව ටික්ටොක් හි මව් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු පවසනවා.
බයිට්ඩාන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී බිල් ෆෝඩ් පැවසුවේ යෙදුම ක්‍රියාකාරීව තබා ගැනීම “සෑම කෙනෙකුගේම යහපත ” සඳහා වන බවයි.
ෆෝඩ් මෙම ප්‍රකාශය කළේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි උත්සවයකට එක්වෙමින්.
මෙම සතිය අවසානයේ චීන රජය, අමෙරිකා එක්සත් ජනපද රජය සහ සමාගම යන සියල්ලන්ම මෙම සංවාදයට සම්බන්ධවන බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.
අමෙරිකාව තුළ ටික් ටොක් සමාජ මාධ්‍ය අත්හිටුවීමකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් සියළු දෙනා උනන්දු වෙනවා.
සඳුදා බලයට පත්වීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ක්‍රියාමාර්ගවලින් එකක් වූයේ ටික්ටොක් තහනම ක්‍රියාත්මක කිරීම දින 75 ක් ප්‍රමාද කරන විධායක ක්‍රියාමාර්ගයකට අත්සන් කිරීමයි.
හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් අප්‍රේල් මාසයේදී මෙම චීන යෙදවුම අමෙරිකාව තුළ ක්‍රියාත්මක වීම වලක්වන පනතක් සම්මත කළා.
එය පනත බලාත්මක නොකරන ලෙසයි ජනපති ට්‍රම්ප් නව විධායක නියෝගය මගින් අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.