පළාත් පාලන මැතිවරණය පරණ ක්රමයට පවත්වන්න
පළාත් පාලන මැතිවරණ ක්රමය සම්බන්ධයෙන් තමන්ට පෞද්ගලිකව ගැටලුවක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චතුර ගලප්පත්ති මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ, වත්මන් ක්රමයෙන් බලාපොරොත්තු වන ඉලක්ක සපුරා ගත හැකි ද යන ප්රශ්නය තමන්ට පැන නගින බවයි.
“පළාත් පාලන ආයතන ගැන කතා කරන කොට, පළාත් පාලන මැතිවරණය ගැන කතා කරන කොට මගේ පෞද්ගලික මතයක්. මම විශ්වාස කරනවා ‘ක්ලීන් ශ්රී ලංකාවක්’ වගේම ‘ක්ලියර් ශ්රී ලංකාවක්’ වෙන්න ඔනේ. මේ මැතිවරණ ක්රමවේදය ගැන මට ඇත්තටම ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා.
මමත් පළත් පාලන ඡන්දයෙන් පත්වෙලා, නගර සභාවට ගිහිල්ලා, පළාත් සභාවට ගිහිල්ලා තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. හැබැයි කොට්ඨාස ක්රමය පිළිබඳව පෞද්ගලික මට ගැටලුවක් තියෙනවා. මොකද මෙහි බලාපොරොත්තු වෙන අරමුණු ඉලක්ක සපුරා ගන්න පුළුවන් ද කියන එක ගැටලුවක්.
ඒ නිසා මම රජයට ඉල්ලීමක් කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ, රටට නායකයෙක් හැදෙන්න ඔනේ. එතකොට මේ තියෙන ක්රමය යටතේ එහෙම නායකයෝ බිහිවෙන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. රජය පුළුවන් තරම් ඉක්මනින් මේ මැතිවරණය පවත්වන්න කටයුතු කරයි. හැබැයි රටට හරි දේ කරන්න ඔබ ඉදිරිපත් වෙන්න. ඔබට මේ රටේ ජනතාව උපරිම ශක්තිය දීලා තියෙනවා. ඒ හින්දා සුදුසුම දේ, සුදුසුම ක්රමය වෙනුවෙන් ඔබ සටන් කරනවා. මම විශ්වාස කරනවා. අපි නැවත වතාවක් පැරණි සමානුපාතික මැතිවරණ ක්රමයට යා යුතුයි. ඒකට හේතු කාරණා ගොඩාක් තියෙනවා.”