අනියම් බිරිඳ හමුවීමට ආ යුද්ධ හමුදා සෙබලා හෘදයාබාධයකින් මරුට
කොට්ටාව මාලඹේ පාර නිවසක අනියම් බිරිය හමුවීමට පැමිණ සිටි පුද්ගලයෙකු හදිසියේ අති වූ හෘදයාබාධයක් හේතුවෙන් එම නිවස තුළදීම මියගොස් ඇතැයි කොට්ටාව පොලීසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ පදවිය සිරිපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි යුද්ධ හමුදා සෙබළෙක්.
මොහු මරදාන යුද්ධ හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටියදී කොට්ටාව ප්‍රදේශයේ 38 හැවිරිදි කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
ඒ අනුව කාන්තාව හමුවීම සඳහා එම නිවසට පැමිණ රාත්‍රී ආහාරය ගෙන බියර් පානය කොට එහි රැදී සිටියදී එක්වරම ඔහුට පපුවේ අමාරුවක් සෑදී ඇති අතර එය සමනය කිරීම සදහා කාන්තාව මහත් පරිශ්‍රමයක් දරා ප්‍රථමාධාර දී ඇතත් එය ව්‍යාර්ථ වීමෙන් මෙසේ මිය ගොස් ඇති බව සඳහන්.
පසුව මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂණ ආරම්භ කොට මහරගම හදිසි මරණ පරීක්ෂකවරයා කැදවා ස්ථානීය පරීක්ෂණය සිදු කර තිබුණා.
ඒ අනුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙස මරණ පරීක්ෂකවරයා පොලීසියට නියෝග කළා.
ඒ අනුව හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ බවට නිගමනය කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.