ලොහාන්ට එරෙහි නඩුව මාර්තු 20වැනිදා විභාගයට

ලොහාන්ට එරෙහි නඩුව මාර්තු 20වැනිදා විභාගයට

කොල්ලුපිටිය මංසන්දියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හරින ලද හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව ලබන මාර්තු මස 20වැනිදා විභාගයට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (09) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10 ගෙවන බව කියමින් සමථයක් ඇති බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දුන්නද නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම මත ඔවුන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වමින් මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළා.

Share This