JICA හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

JICA හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවී තිබෙනවා.

මෙම හමුවේදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා JICA ආයතනයේ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳවද ඇතුළත්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ශ්‍රී ලංකාවට ජපානයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව එහිදී සිය ප්‍රසාදය පළ කළා.

“clean sri lanka” වැඩසටහන සමඟින් දරිද්‍රතාවය පිටුදැකීම සහ ඩිජිටල්කරණය කෙරෙහි රජයේ ප්‍රමුඛතාව ලබාදී ඇති බවයි ඇය එහිදී කියා සිටියා.

මෙම රැස්වීමට ජපානයේ තානාපති Akio Isomata සහ ජපාන තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් හා ආර්ථික සහයෝගිතා ප්‍රධානී Kenji Ohashi යන මහත්වරුන් සහභාගී වුණා.

ඒ සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදපෙරදිග සහ අප්‍රිකානු අතිරේක ලේකම් යසෝජා කේ ගුණසේකර, එම අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ සහකාර අධ්‍යක්ෂ රවීන් උබේසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

Share This