අරක්කු බොන්න සල්ලි නොදුන්නයි බිරිය මරා ගෙලවැලලාගත් සැමියෙක්
මත්පැන් බොන්නට රුපියල් තුන්සියයක් නොදුන්නැයි බහින්බස් වී උදැල්ලෙන් පහරදී බිරිය ඝාතනය කොට සැමියා ද කජු ගසක ගෙලවැලලාගන සියදිවි හානි කරගෙන ඇතැයි කුලියාපිටිය පොලීසිය පවසනවා.
ඊයේ (31) සන්ධ්‍යාවේ එම සිදුවීමෙන් ඝාතනය වී තිබුණේ 37 හැවිරිදි එක්දරු මවක්.
එම කාන්තාව එසේ ඝාතනය කොට සියදිවි හානිකරගන තිබුණේ 42 හැවිරිදි පරගහරුප්ප, පහළ එලතලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
2010 දී පමණ විවාහ දිවියට ඇතුළත්ව කලකදී වෙන්ව දිවිගෙවමින් සිට තිබූ මරණකරුවන් දෙපළ යළිත් එක්ව වාසය කරමින් සිටියදී එම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළා.
ඔවුන් දෙදෙනාට දාව වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු ද සිටින බව කියන පොලීසිය වැඩිදුරටත් පැවසුවේ මවගේ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිය ද පුතු බවයි.
සිද්ධීන් දෙක සම්බන්ධව කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය වැඩබලන මහේස්ත්‍රාත් චම්පික ලසිත කුමාර මහතා විසින් සිදුකළ අතර එහිදී නියෝග කළේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණයට කරුණු දක්වන ලෙසයි.
ඝාතකයාගේ ගෙලවැලලා ගැනීම සියදිවි හානිකරහැනීමක් හේතුවෙන් ඒ පිළිබඳව පරික්ෂණය හදිසි මරණ පරීක්ෂකවරයා සිදුකිරීමට නියමිත බව ද පොලිසිය පැවසුවා.