ඔබේ හිත ගිය කෙල්ල හැසිරෙන්නේ මේ විදිහට නම්,අනිවාර්යයෙන්ම කෙල්ලත් කැමතියි

ඔබේ හිත ගිය කෙල්ල හැසිරෙන්නේ මේ විදිහට නම්,අනිවාර්යයෙන්ම කෙල්ලත් කැමතියි

කෙනෙක් ට හිත ගිහාම,ලොකු මානසික ව්‍යකුලත්වයකින් තමයි පිරිමින් වැඩ කරන්නේ.මොකද ගැහැනුන්ව තේරුම් ගන්න අපහසුයි කියලා ඔවුන් හිතන නිසා, තමන් හිතින් ආදරය කරන කෙනා තමන්ටත් කැමතියි ද අකමැතියි ද කියන දෙගිඩියාවෙන් ඔවුන් පසුවෙනවා. හිතේ තියෙන දේ කියන්න ගිහින් තියෙන සාමාන්‍ය දැනහඳුනුම්කමත් නැති වෙයි කියන එක තවත් පිරිමින්ව අසරණ කරනවා.

අපිත් ඉතින් හිතේ තියෙන දේ කෙලින් නොකියන්න පුදුමම හැකියාවක් තියෙන කොට්ටාසයක් නිසා,කොච්චර විශේෂ හැඟීමක් තිබ්බත් ඒක යටපත් කරගෙන ඉන්නවනේ.

ඉතින්,කොල්ලා කැමති කෙල්ල,කොල්ලටත් කැමතියි නම්,ඇය හැසිරෙන්නේ මෙන්න මේ විදිහට.

01අනිත් යාළුවන් ව කපා හරිනවා.

කෙල්ලෙක් ගොඩාක් වෙලාවට කැමති කොල්ල එක්ක වැඩි කාලයක් ගත කරන්න මහන්සි ගන්නවා. අනිත් යාලුවන්ව ඒ නිසාම මගහරින්න උත්සහ ගන්නවා.

02.අනාගතේ ගැන එකතු වෙලා කතා කරනවා.

අපිට මෙහෙම කරන්න පුළුවන් නේද කියලා එක එක මාතෘකා ගැන කතා කරන්න පෙළඹෙන්නෙත් හිතේ විශේෂ දෙයක් තියෙන කොල්ල එක්ක විතරලු.

03.පිස්සු වැඩ වලට ආසා කරනවා.

සමහරක් පිරිමින් ගේ සමහර ගති පැවතුම් හරිම අමුතුයි. කරදරකරියි. මුළු සමාජයම නුරුස්සන ඔබේ ඒ වගේ ගතිගුණයක්, වෙනසක් නැතිව ඇය ඉවසා ඉන්නවනම්, ආසා කරනවානම්, ඒ කියන්නේ ඇගේ හිතේ ඉඩක් තියෙනවා කියන එක.

04.ඇගේ හැඟීම් ගැන කතා කරනවා.

ඇයට දැනෙන හැඟෙන හැම දේ ගැනම කතා කරන්නේ හිතේ ඉන්න විශේෂ කෙනා එක්ක විතරයි. මේ ලක්ෂණය ගැන වැඩි අවධානයක් යොමු කලොත්, කෙල්ල කැමතිද කියලා ඉක්මනින්ම හොයා ගන්න පුළුවන්.

05.වටිනාකමක් ඇති තෑගි දෙනවා.

නිකන් යාලුවෙක්ට තෑගි දෙන්න ඕනේ වුනහම,කෙල්ලෙක් ඔහේ අතට අහු වෙන දෙයක් අරගෙන දෙනවා. හැබැයි ඇය විශේෂයක් දක්වන කෙනා වෙනුවෙන් දෙයක් තෝරා ගන්නේ හරිම හොඳින් හිතලා බලලා. ඔහුට විශේෂ,වටිනා තෑගී පිරිනමන්න ඇය උත්සහ ගන්නවා.

06.පිස්සු වැඩ කරනවා

කෙල්ලෙක් කොල්ලෙක් ඉස්සරහ හැසිරෙන්නේ හරිම පරිස්සමට. සමහරක් තේරුමක් නැති ගති හිත ඇතුලේ තිබ්බට ඒවා එළියට දාන්නේ නැහැ. තමන්ට ඇත්තටම කැමැත්තක් ඇති වෙලා තියෙන කොල්ල එක්ක එහෙම විශේෂ අවධානයක් එක්ක හැසිරෙන්නේ නෑ

Share This