මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන්න තානාපති කණ්ඩායමක්

මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන්න තානාපති කණ්ඩායමක්

මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සඳහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ කණ්ඩායමක් ස්වේච්ඡා සේවය සඳහා යොමු  කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ඊයේ (19) පැවැති උත්සවයකදීයි.

මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා වූ ප්‍රධාන කරුණු 10 ක් පිළිබදව ඉදිරියේ දී ජනතාව දැනුවත් කිරීම මෙම කණ්ඩායම වෙත පැවරෙන රාජකාරිය වනවා.

බිම් මට්ටමෙන් ආරම්භ කරනු ලබන මෙම වැඩසටහන ඉදිරියේ දී දීප ව්‍යාප්තව මෙරට තුල දියත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ක්‍රියාවලියට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, කායිකව ක්‍රියාශීලිවීම, යහපත් පුරවැසියෙකු වී සමාජීය සබඳතා ඇතිකර ගැනීම, ශාරීරික බර හා ඉනේ වට ප්‍රමාණය කළමණාකරණය, දුම්බීමෙන් වැලකීම, කොලෙස්ටරෝල් මට්ටම කළමණාකරණය, රුධිර ගත සීනි මට්ටම කළමණාකරණය, රුධිර පීඩනය කළමණාකරණය, ධනාත්මක මානසික ආතතිය කළමණාකරණය, සුවදායි නින්ද  යන කරුණු ඇතුළත් වන බව සඳහන්.

මොළයේ සෞඛ්‍යය ප්‍රවර්ධනය සහ ජනතාව දැනුවත් කිරීමට ගන්නා වූ මෙම ප්‍රයත්නය ඉතා විශිෂ්ට ක්‍රියාවක් බවයි, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ. ඒ සඳහා නායකත්වය ගෙන කටයුතු කරන්නා වු සියලු දෙනා සහ එම අංශ වෙත සෞඛ්‍ය අමාත්‍යරයා සිය කෘතවේදීත්වය පළ කළා.

කරන බවත්  මෙම සමාරම්භක උත්සවයට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම  ජනතාවාදී ස්වේච්ඡා සේවාව මෙරට සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය වෙනසක ආරම්භය සනිටුහන් කරනු ඇති.

රජය වාර්ෂිකව රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා විශාල මුදලක් වැය කරන බවයි නලින්ද ජයතිස්ස මහතා එහිදී පෙන්වා දුන්නේ.

මෙවැනි ස්වේච්ඡා සේවාවන් තුලින් මෙරට ජනතාවට රෝගයන්ට ගොදුරුවීමෙන් වැලකී සිටීම පිළිබද උපදේශනය සහ දැනුවත්භාවය ලබාදිය හැකියි.

මෙම වැදගත් මෙහෙවරට සහයෝගය දැක්වීමට සහ එම මෙහෙවර සමග සහයෝගයෙන් ඉදිරි කටයුතු කිරීමට රජය සැමවිටම සූදානම් බව ද ‌අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රෝග නිවාරණ කටයුතු සදහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වන බැවින් ඒ සදහා ගත යුතු සියළු ක්‍රියාමාර්ග මේ වන විට ද ගනිමින් සිටින බවයි නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ලෝක ජනගහනයෙන් බිලියන 04කට ආසන්න ප්‍රමාණයක් මොළයේ රෝගයකින් පීඩා විඳින බව සඳහන්.

මොළයේ රෝග 400ක් පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. මොළයේ ප්‍රධාන ‌රෝග ලෙස අංශභාගය, ඩිමෙන්ෂියාව, මයිග්‍රේන් ඇතුලු හිසරද රෝග, අපස්මාර රෝගය, දියවැඩියා රෝගය නිසා පර්යන්ත ස්නායු වලට හානිවීම මිනිස් ජිවිතයටම වැඩිපුරම බලපෑම් සිදු කරන රෝග ලෙස හදුනාගෙන ඇති බව සඳහන්.

මොළයේ රෝග පිළිබදව නිසි දැනුවත්භාවය ලබාදීම තුලින් සියයට 90 කටත් වඩා රෝග වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි, අදාළ වැඩසටහනේදී අනාවරණ වූයේ.

ගෝලීය රෝගීන් වෙනුවෙන් පෙනී සිටින සන්ධානය (Global Patient Advocacy Coalition-GPAC) සහ ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධානය (Leading international organization) යන සංවිධාන මෙම වැඩපිළිවෙල සදහා දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා.

Share This