කොවිඩ් මරණ හේතුවෙන් ආදාහනය කළ අයගේ තොරතුරු දෙන්න බැරි බව රජය කියයි
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 13,183ක් ආදාහනය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (17) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරමින් රවුෆ් හකීම් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
එමෙන්ම ආදහනය කරනු ලැබූ පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු ලබාදිය නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
එය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත සහ වෛද්‍ය ආචාර්ය ධර්මවලට අනුව අදාල තොරතුරු ලබාදීමේ හැකියාවක් නොමැති බවයි, නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ.
එමෙන්ම මිය ගිය එක් එක් පුද්ගලයාගේ මරණ සහතිකයේ අංකය, මරණය ලියාපදිංචි කරන ලද දිනය හා දිස්ත්‍රික්කය වෙන් වශයෙන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියා.
ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, එය තම විෂය පථයට අදාළ නොවන බවයි.
අදාළ තොරතුරු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු බව ද නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.