වාලම්පුරි තුනක් සමග පුද්ගලයින් දෙදෙනෙක් කොටු
ජාවාරම් කිරීම සඳහා වාලම්පුරි තුනක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට කරුවලගස්වැව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී යි.
ඒ අනුව බලකා නිලධාරීන් අනෙක් නිලධාරීන් සමග ඒකාබද්ධව අනුරාධපුර පොලිස් වසමේ විහාර හල්මිල්ලකුලම, විහාර පාළුගම, අනුරාධපුර ලිපිනයෙහි පිහිටි නිවසේ දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහි දී ජාවාරම් කිරීම සඳහා සූදානම්ව කර තිබු වාලමිපුරි 03ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් සමත්ව තිබුණා.
සැකකරුවන් අනුරාධපුර, 27 සහ 49 යන වයස්වල පසුවන විහාර පාළුගම ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.