විදුලි සැර වැදී තරුණයෙකු මරුට

විදුලි සැර වැදී තරුණයෙකු මරුට

මැල්සිරිපුර පොලිස් වසමට අයත් කලගහයාය දිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී අද (16) පුද්ගලයෙකු ජීවිතක්යට පත්ව තිබෙනවා.

29 හැවිරිදි දොඩංදූව හේවා විතානලාගේ දුලංක ජයනාත් නමැති පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි මැල්සිරිපුර පොලීසිය සඳහන් කළේ.

දිද්දෙණිය ප්‍රදේශයේ පාළු ඉඩමක තිබෙන කඳු ගැටයක් මත සතුන් දඩයම් කිරීමට අදින ලද විදුලිය සහිත කම්බියක් පෑගීමෙන් මේ පුද්ගලයා මරණයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share This