විපක්ෂයෙන් කථානායක ධුරයට නමක්

විපක්ෂයෙන් කථානායක ධුරයට නමක්

එළැඹෙන පාර්ලිමේන්තු රැස්වීමේදී කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

ඒ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වැඩිදුර අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ,

“අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවාද දිනයේදී අපෙනුත් කථානයකවරයෙක් යෝජනාකරන්න. මොකද අපිට විශ්වාසයක් නැහැ ඊළඟට කථානායක විදිහට මාලිමාවෙන් නම්කරන පුද්ගලයාගේ සුදුසුකම් හෝ විශ්වාසය පිළිබඳ. ඒ පිළිබදව බරපතළ සැකයක් තියෙනවා. ඊළඟ සැරෙත් අපිට රැවටෙන්න බැහැ. අපිත් රැවටිලා ඒයාට සහායෝගය දුන්නානේ.”

Share This