මෙරට ඇති ඉන්ධන සංචිතය ගැන දැනුම්දීමක්

මෙරට ඇති ඉන්ධන සංචිතය ගැන දැනුම්දීමක්

ලබන වසරේ අප්‍රේල් මස දක්වා මෙරටට අවශ්‍ය ඉන්ධන සංචිත පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජානක රාජකරුණා මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙරටට ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 30,000ක් රැගෙන ආ නෞකාවක් ආපසු පිටත්ව යාමත් සමඟ ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වුණා.

අදාළ නෞකාව පසුගිය දෙවැනිදා මෙරටට ළඟ වූ අතර එය පසුගිය දෙවැනිදා නැවත ආපසු හරවා යවා ඇති බව සඳහන්.

ජානක රාජකරුණා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ, යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ ඇති වූ අභ්‍යන්තර ගැටලුවක් හේතුව මෙම නැව ආපසු හරවා යවා ඇති බවයි.

“මේ තෙල් නැව ඇවිල්ලා, ඒගොල්ලන්ගේ අභ්‍යන්තරයේ තියෙන ගැටලුවක් හින්ඳා ‌තෙල් බාන්නේ නැතිව නැවත රැගෙන ගිහින් තියෙනවා. ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් තොග තියෙනවා. ඒ වගේම අපි තෙල් ඇනවුම් කරලා තියෙනවා. ලබන අවුරුද්දේ අප්‍රේල් මාසය වෙනකම්. අපි ඇනුම් සම්පූර්ණයෙන්ම තහවුරු කරලයි තියෙන්නේ. ඒ හින්ඳා අපිට ඔනෑම අවස්ථාවකට මුහුණදීමේ හැකියාව තියෙනවා. ඒ නිසා රටේ කිසිම හේතුවක් නිසා රටේ තෙල් හිඟයක් ඇති වෙනවා කියන එක ගැන බයක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.”

Share This