සයිලන්සර් කටවල් ගහලා අහුවුනොත් දඩය රුපියල් 100,000යි

අධික ශබ්ද නිකුත් කරන නීති විරෝධී සයිලන්සර් සවිකළ යතුරුපැදිවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසන්නේ, මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බවයි.
මීට පෙර මෙවැනි යතුරුපැදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා නිකුත් කළද, බොහෝ රියදුරන් එම වැරදි නිවැරදි කර නොගැනීම හේතුවෙන් දැන් වඩාත් දැඩි නීති ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ අනුව, අධික ශබ්ද නිකුත් කරන සයිලන්සර් සවිකළ යතුරුපැදි පොලිස් භාරයට ගැනීම, මෝටර් රථ පරීක්ෂකවරයෙකු වෙත ඉදිරිපත් කර තාක්ෂණික වාර්තාවක් ලබාගැනීම සහ අධිකරණය හරහා තහනම් නියෝග ලබාගැනීම ඇතුළු ක්‍රියාමාර්ග ගනු ලබනවා.
එමෙන්ම මෙවැනි වැරදි සඳහා රුපියල් 50,000 සිට රුපියල් 100,000 දක්වා දඩ මුදල් පැනවිය හැකි බවද පොලිසිය අනතුරු අඟවා තිබෙනවා.
මහජනතාවට පීඩාකාරී වන ශබ්ද දූෂණය අවම කිරීම සඳහා නීතිවිරෝධී වෙනස්කම්වලින් යතුරුපැදි ඉවත් කරගෙන වගකීමෙන් යුතුව මාර්ග භාවිත කරන ලෙස පොලිසිය යතුරුපැදිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
