යුක්‍රේන අගනුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක්

රුසියාවෙන් එවන ඩ්‍රෝන සහ මිසයිල අඟහරුවාදා උදේ කාලයේ යුක්රේනයේ Kyiv සහ Dnipro වගේ නගර වලට බරපතළ ලෙස පහර දීලා තියෙනවා,
ඒ නිසා අවම වශයෙන් 10 දෙනෙක් මියගොස් ඇති අතර තවත් 100ක් පමණ තුවාල ලබා ඇති බව බලධාරීන් කියලා තියෙනවා,
මේක සිදුවෙලා තියෙන්නේ මොස්කව් පක්ෂය විශාල ප්‍රහාරයක් දියත් කරන බව දින කිහිපයක්ම අනතුරු ඇඟවීම් දීලා තිබුණාට පස්සේ,
Ukraine තුළ ඇති බලශක්ති පද්ධතිය සහ යටිතල පහසුකම් ඉලක්ක කරලා රුසියාව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා,
ඒ අතරේ යුක්රේනයත් මේ වසරේ රුසියාවේ තෙල් කර්මාන්ත සහ ඉන්ධන පහසුකම් ඉලක්ක කරලා ප්‍රහාර වැඩි කරලා තියෙනවා,
දෙපාර්ශවයම කියන්නේ තමන් සිවිල් ජනතාව ඉලක්ක කරන්නේ නැහැ කියලා,
පසුගිය සතියේ ක්‍රෙම්ලින් පාලනය කියලා තිබුණා Kyiv නගරය ඉලක්ක කරලා “systematic strikes” කියන ආකාරයේ නිරන්තර ප්‍රහාර එල්ල කරනවා කියලා,
ඒකට ප්‍රතිචාරයක් විදියට තමයි Luhansk ප්‍රදේශයේ යුක්රේන පාලනය යටතේ තියෙන dormitory එකකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා කියලා කියන්නේ, ඒකෙන් 21 දෙනෙක් මියගොස් ඇති බවත් සඳහන් වෙනවා,
Kyiv නගරයේ ගොඩනැගිලි උඩ විශාල පිපිරීම් සහ දුම් කඳු ඉහළට යන දර්ශන පළවෙලා තිබුණා,
එහි රාත්‍රී ප්‍රහාර වලින් 4 දෙනෙක් මියගොස් ඇති අතර 58 දෙනෙක් තුවාල ලබා ඇති බව නගරයේ mayor Vitali Klitschko කියලා තියෙනවා,
ඒ අතර දරුවන් කිහිපදෙනෙකුත් ඒ තුවාල ලැබූ පිරිස අතර ඉන්නවා,
“අපිට තේරුණේ නෑ මොකද වෙන්නේ කියලා – මොකක් හරි apocalypse එකක් වගේද?” කියලා Olha Mudra කියලා තියෙනවා,
ඇය එය සිදුවුණු ස්ථානයේ තම 6 හැවිරිදි දියණිය Natalia එක්ක ඉඳගෙන මේක කියලා තියෙනවා,
