විජිත හේරත් වික්ටෝරියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවෙයි

මෙල්බර්න් නගරයේ අද පස්වරුවේ පැවති දිවා භෝජන හමුවකදී වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරන ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡාවක් පවත්වලා තියෙනවා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දීර්ඝකාලීන මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු වූ අතර, පාර්ලිමේන්තු මට්ටමේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම, රජයන් දෙක අතර හවුල්කාරීත්වය පුළුල් කිරීම සහ දෙරටටම ප්‍රතිලාභ සැලසෙන නව සහයෝගීතා අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කරලා.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුබසාධනය සහ ඔවුන් මුහුණ දෙන කරුණු සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වූ අතර, ශ්‍රී ලාංකික ප්‍රජාව දෙරට අතර සබඳතා වර්ධනය කිරීමේ වැදගත් පාලමක් ලෙස කටයුතු කරන බවද මෙහිදී අවධාරණය වී තිබෙනවා.
වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ හැකියාවන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, දෙරට අතර ජනතා සබඳතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද සාකච්ඡාවට ඇතුලත්.
මෙම අවස්ථාවේදී ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ස්තුතිය පළ කර ඇති අතර, ඉදිරියේදීද දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සදහන්.
