අගමැතිතුමිය ජර්මානු ව්‍යාපාරිකයන් හමුවේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ශ්‍රී ලංකාව කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයට කැපවූ විවෘත හා විශ්වාසනීය හවුල්කරුවෙක්.
කොළඹ ITC රත්නදීප හෝටලයේ පැවති ශ්‍රී ලංකා–ජර්මානු ව්‍යාපාරික සමුළුවේදී ඇය මේ බව සඳහන් කරනවා. මෙම සමුළුවේ අරමුණ වන්නේ සමුද්‍රීය සහ සැපයුම් දාම ක්ෂේත්රවල ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමයි.
ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර වෙළඳ, සංචාරක, ආයෝජන සහ තාක්ෂණ ක්ෂේත්රවල දිගුකාලීන හවුල්කාරිත්වය ඉතා වැදගත් බවද ඇය පවසනවා.
ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නිරතව සිටින බවත්, ජර්මානු ආයෝජකයන්ට මෙරට සමඟ වැඩිදුරටත් එක්ව කටයුතු කරන ලෙසත් ඇයගේ ආරාධනයයි.
මෙම අවස්ථාවට ජර්මානු තානාපතිවරයා සහ දෙරටේ ව්‍යාපාරික නියෝජිතයන් ද සහභාගී වුණා.
