වසර මිලියන 80කට පෙර සාගරය දෙවනත් කල සත්වයා

ඩයිනෝසර් යුගයේ අවසාන කාලයේ භූමියේ භයානකම මෘගයා ලෙස සැලකෙන්නේ ටිරැනොසෝරස් රෙක්ස් හෙවත් T. rex ය. නමුත් විද්‍යාඥයින් පවසන්නේ මුහුදේද එයට සමානව භයානක විශාල සත්ත්වයෙකු ජීවත් වුණා.
එම සත්ත්වයා “ටයිලෝසෝරස් රෙක්ස්” ලෙස හඳුන්වන මුහුදු උරගයෙකි. නව පර්යේෂණ අනුව එය වෙනම විශේෂයක් ලෙස හඳුනාගෙන තියෙනවා.
විද්‍යාඥයින් සඳහන් කරන්නේ එහි විශාල ශරීරය, මස් කපා ගැනීමට සුදුසු තියුණු දත්, සහ බලවත් හකු හා බෙල්ලේ පේශී හේතුවෙන් ඉතා දරුණු දඩයම්කරුවෙකු බව සදහන්.
වසර මිලියන 80කට පමණ පෙර උතුරු ඇමරිකාව දෙකඩ කළ විශාල අභ්‍යන්තර මුහුදක මෙම සත්ත්වයා ජීවත් වූ බවත්, එයට දිගු මුඛයක්, විශාල දත්, පිහිනීමට සුදුසු පාවරු වැනි පාද හතරක් සහ බලවත් වලිගයක් තිබූ බවත් පර්යේෂකයින් කියනවා.
ටයිලෝසෝරස් වර්ගයේ ෆොසිල 19 වන සියවසේ සිට හමුවී තිබුණද, නව අධ්‍යයනයන් අනුව “ටයිලෝසෝරස් රෙක්ස්” වෙනම සහ විශේෂිත මුහුදු විලෝපිකයෙකු ලෙස හඳුනාගෙන ඇත.
