ලෝක කුසලානයේ Ticket අහස උසට නගී

2026 පාපන්දු ලෝක කුසලානයේ ප්‍රවේශපත් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම ගැන මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, FIFA සංවිධානයත් අමෙරිකාවේ නිව්යෝර්ක් සහ නිව් ජර්සි නීතිපතිවරුත් එක්ව මේ ගැන සොයා බලන බවයි.

විශේෂයෙන් අවසන් මහා තරගය පැවැත්වෙන නිව් ජර්සි ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන කිහිපයක ටිකට් මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් තිබීම මේ විමර්ශනයට හේතුව වෙලා.

සමහර තරගවල ටිකට් එකක මිල ඇමෙරිකානු ඩොලර් 1400 ඉක්මවා තිබෙන අතර, අවසන් මහා තරගයේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක අවම මිල පවා ඩොලර් 16,100ක් ලෙස සඳහන්.

කෙසේ වෙතත් FIFA සංවිධානය මීට පෙර කියලා තිබුණේ, ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන අධික ඉල්ලුම නිසා මෙලෙස ටිකට් මිල ඉහළ ගොස් ඇති බවයි කියන්නෙ

Share This
NEWER POST