වසර 94කට පසු ලංකාවෙන් හමුවුණු අලුත්ම මීයා

මේ කියන්නේ ශ්‍රී ලංකාවෙන් අලුතෙන්ම විද්‍යාත්මකව හඳුනාගෙන ප්‍රකාශයට පත් කරපු ඉතා වැදගත් කුඩා සත්ත්ව විශේෂයක් ගැනයි.

Mus (Pyromys) dumbara කියන්නේ “දුම්බර කටු හීන් මීයා” කියලා හඳුන්වන, ලංකාවටම ආවේණික අලුත් මී විශේෂයක්.

වසර 2003–2005 අතර කාලයේ දුම්බර (නකල්ස්) කඳු ප්‍රදේශයේ කළ ක්ෂේත්‍ර සමීක්ෂණයකදී මේ සත්වයා මුලින්ම හඳුනාගෙන තියෙනවා. නමුත් විද්‍යාත්මකව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 2026දී.

මෙය දැනට හමුවෙලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර කඳු පන්තියේ පුවක්පිටිය නිම්නයෙන් පමණයි. ඒ නිසා මෙය ඉතා දුර්ලභ සත්ත්වයෙක්.

විශේෂත්වය වෙන්නේ:

සිරුරට වඩා දිග වලිගයක් තියෙනවා
පිට ලොම් ටිකක් කටු වගේ රළු ස්වභාවයක් ගන්නවා
ජානමය වශයෙන් වෙනත් ලංකාවේ මී විශේෂවලින් පැහැදිලිව වෙනස්

විද්‍යාඥයන් කියන්නේ මේ සත්ත්වයා තමන්ගේ සමීපතම විශේෂයෙන් වෙන්වෙලා ඉතා දිග කාලයක් පරිණාමය වෙලා තියෙන නිසා මෙවැනි වෙනස් ලක්ෂණ ඇතිවුණා කියලා.

ඒත් මේ සත්වයා දැනටමත් ඉතාමත් සීමිත ප්‍රදේශයක ඉන්න නිසා වාසස්ථාන විනාශය හේතුවෙන් වඳවී යාමේ අවදානමක් තියෙන බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවලා තියෙනවා.

සරලවම කියනවා නම්  ලංකාවේ ජෛව විවිධත්වය කොච්චර විශේෂද කියලා පෙන්වන අලුත්ම වැදගත් සොයාගැනීමක් මේක.

Share This