අධිකරණ නියෝගයෙන් දක්ෂ සිසුවෙකුට වෛද්‍ය පීඨ වරම්
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන සහ අණුක ජීව විද්‍යා පාඨමාලාවට තේරී තිබුණු දක්ෂ සිසුවෙකුට, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරන්න කියලා අභියාචනාධිකරණය UGC එකට නියෝග කරලා තියෙනවා.
මේ නඩුව දාලා තිබුණේ ආනන්ද විද්‍යාලයේ හිටපු ශිෂ්‍යයෙක් වන චතු දස මෙන්ඩිස්. ඔහු A/L වලින් “A” දෙකයි “B” එකයි අරගෙන හොඳ ප්‍රතිඵලයක් ලබාගෙන තිබුණත්, මුලින්ම ලැබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන පාඨමාලාවක්.
හැබැයි ඔහුට රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ජාතික කථික තරග ජයග්‍රහණ වගේ විශේෂ දක්ෂතා රැසක් තිබුණා. ඒ නිසා විශේෂ කුසලතා යටතේ වෛද්‍ය පීඨයට යන්න තමන් සුදුසුයි කියලා ඔහු අධිකරණයට ගියා.
නඩුව විභාග කරපු අභියාචනාධිකරණය කියලා තියෙන්නේ, මේ සිසුවාගේ දක්ෂතා බලද්දී ඔහුට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. ඒ අනුව, කලින් තිබුණු තීරණය අවලංගු කරලා ඔහුව වහාම ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨයට ඇතුළත් කරන්න කියලා UGC එකට නියෝග කරලා තියෙනවා.
