වසර 8කට පසු කයිල් අබේසිංහ යළිත් සුපිරි රිද්මයට

වසර 8කට පසු ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක Kyle Abeysinghe නැවතත් ඉහළම දක්ෂතා අතරට පිවිසිලා තියෙනවා.

සිංගප්පූරුවේ පැවැත්වෙන 21 වැනි ජාතික පිහිනුම් ශූරතාවලියේදී ඔහු මීටර් 100 නිදහස් ආර ඉසව්ව තත්පර 50.94කින් අවසන් කරලා ලෝකඩ පදක්කමක් දිනාගෙන තියෙනවා.

මෙය 2018 වසරෙන් පස්සේ ඔහු මේ ඉසව්වෙන් ලබාගත් වේගවත්ම කාලය කියලත් සඳහන්.

සරලව කිව්වොත්, දිගු නිහඬතාවයකින් පස්සේ කයිල් අබේසිංහ ආපහු තමන්ගේ සුපුරුදු වේගයට ආපහු එමින්, ජාත්‍යන්තර තලයේදීත් ශ්‍රී ලංකාවට පදක්කමක් අරගෙන දීලා තියෙනවා.

Share This