පොලිස්පති වෙස් අරගෙන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීම්

 

පොලිස්පතිවරයාගේ නම සහ ව්‍යාජ අත්සන භාවිතා කරමින් සිදුකරන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ ඊමේල් ජාලයක් ගැන පොලිසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා.

පොලිසිය කියන විදිහට, පොලිස් සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නමත්, පොලිස්පතිවරයාගේ නමත් භාවිතා කරලා ව්‍යාජ ඊමේල් පණිවුඩ ජනතාවට යවමින් මේ ජාවාරම ක්‍රියාත්මක වෙනවා.

ඒ නිසා සැක සහිත, තර්ජනාත්මක හෝ නිලධාරීන්ගේ නම් යොදාගෙන එවන ඊමේල් වලට කිසිම විදිහකින් ප්‍රතිචාර දක්වන්න එපා කියලා පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. ඒ වගේම ඒවායේ තියෙන links හෝ සබැඳි open කරන්නත් එපා කියලා අවවාද කරලා තියෙනවා.

මෙවැනි ඊමේල් පණිවුඩයක් ලැබුණොත්, හෝ මේ ගැන යම් තොරතුරක් තිබුණොත්, වහාම ළඟම තියෙන පොලිස් ස්ථානයට හෝ පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන්න කියලාත් පොලිසිය ඉල්ලීමක් කරනවා.

Share This