බොරතෙල් මිල පහලට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අදත් තවත් පහළ ගිහින් තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දිගින් දිගටම මිල අඩුවෙමින් යන අතර, ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම ඇමරිකානු ඩොලර් 100ටත් වඩා පහළ අගයකට ඇවිත් තිබීම විශේෂත්වයක්.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.33ක් ලෙස සටහන් වෙලා තියෙනවා.

WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිලත් ඩොලර් 97.33ක් දක්වා පහළ ගිහින් ඇති බව සඳහන්.

එමෙන්ම මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.05ක් ලෙස වාර්තා වෙනවා.

ලෝක වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුම අතර වෙනස්කම්, ආර්ථික තත්ත්වයන් සහ ජාත්‍යන්තර සාකච්ඡා වගේ කරුණු මේ මිල අඩුවීමට බලපා ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වෙන්නේ.

Share This