මහනුවර බෝගම්බර පදික උමං මාර්ගය ජනතා පරිහරණයට විවෘත කරයි
මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ප්‍රවේශ මාර්ග පුනරුත්ථාපනය හා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද බෝගම්බර පදික උමං මාර්ගය අද (27) ජනතා පරිහරණයට විවෘත කර තිබෙනවා.
රුපියල් 65.7 මිලියනකට අධික වියදමින් ඉදිකර ඇති මෙම පදික උමං මාර්ගය මහනුවර නගරයේ ජනතාවට සහ මගීන්ට වඩාත් ආරක්ෂිත හා පහසු ගමනාගමන පහසුකම් සලසන ව්‍යාපෘතියක් ලෙසයි හඳුන්වා දෙන්නේ.
මෙම උමං මාර්ගය විවෘත කිරීමත් සමඟ මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ පදිකයන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහාද සහායක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
