මහර සහ ගම්පහ ප්රාදේශවලට පැය 12ක ජල කප්පාදුවක්
අද රාත්‍රියේ මහර සහ ගම්පහ ප්‍රදේශවල ජනතාවට වැදගත් දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය පවසන්නේ, මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අද (27) පස්වරු 7 සිට හෙට (28) පෙරවරු 7 දක්වා පැය 12ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කරන බවයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් මෙම ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළා.
ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ජලය කල්තබා රැස්කර තබා ගැනීමට කටයුතු කරන ලෙසද දැනුම් දී තිබෙනවා.
