එළවළු විකුණන අස්සෙන් සුදුවට බූරු ගහලා

බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානය ඇතුළේ රහසිගතව පවත්වාගෙන ගිය සූදු පොළක් වටලන්න බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස අපරාධ ඒකකය සමත් වෙලා තියෙනවා.
පොලිසිය කියන්නේ, බණ්ඩාරවෙල පොලිස් විශේෂ ඒකකයට ලැබුණු තොරතුරක් අනුව අලුයම මේ වැටලීම සිදුකරලා තියෙනවා කියලා.
වැටලීමේදී සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් හිටපු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිරිස අද බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිත බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පොලිසිය සඳහන් කරනවා.
