නිරිත දිග මෝසම සක්‍රීය වෙනවා – සවස 2න් පසු තද වැසි

නිරිත දිග මෝසම මේ දිනවල දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව සඳහන් කරනවා.

උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවෙන්න පුළුවන් කියලාත් දැනුම් දීලා තියෙනවා.

ඒ වගේම ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයකට පස්වරු 2ට පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි පවසන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං හමන්න පුළුවන් කියලාත් කියනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු නිසා අනතුරු වෙන්න පුළුවන් නිසා, අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්න කියලා කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා.

 

Share This