රජයේ සංවර්ධන ඉලක්ක සපුරාලීමට වසර 7කට පසු රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 41ක් බඳවා ගනී.
ශ්‍රී ලංකාවේ රබර් වගාව තවත් කාර්යක්ෂම සහ ගුණාත්මක මට්ටමකට ගෙනියන්න අරමුණු කරගෙන, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට නව රබර් සංවර්ධන නිලධාරීන් 41 දෙනෙකුට අද (18) පත්වීම් ලිපි ලබාදීලා තියෙනවා. මේ වැඩසටහන පැවැත්වුණේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදීයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
රබර් ක්ෂේත්රයේ දිගු කාලයක් තිබුණු නිලධාරී හිඟයට විසඳුමක් ලෙස මේ බඳවා ගැනීම සිදු කරලා තියෙන අතර, අලුතින් පත්වීම් ලැබූ නිලධාරීන් ප්‍රාදේශීය කාර්යාල 5කට අනුයුක්ත කරලා සේවා කටයුතු ශක්තිමත් කරන්නත් පියවර අරගෙන තියෙනවා.
මෙහිදී අදහස් දක්වමින් සඳහන් කරලා තිබුණේ, රබර් ක්ෂේත්රයේ ගැටලු හඳුනාගෙන ගොවි ජනතාවට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකි ක්‍රියාශීලී නිලධාරීන් විදියට මේ පිරිස රටට සේවය කළ යුතු බවයි.
ඒ වගේම, සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම ලකුණු ලබාගත් 41 දෙනා කිසිදු දේශපාලන බලපෑමකින් තොරව තෝරාගෙන තිබීමත් මේ බඳවා ගැනීමේ විශේෂත්වයක් බව සඳහන් වුණා.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, අතිරේක ලේකම්වරුන් සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
