තවත් මෙට්‍රෝ බස් 104 ක් අගෝස්තු මාසයේ ලංකාවට
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් මේ අගෝස්තුවේ ශ්‍රී ලංකාවට ගෙන එන්න සූදානම් වෙලා තියෙනවා.
ඒ සඳහා අදාළ ගිවිසුම් අත්සන් කිරීම අද (18) බත්තරමුල්ල කොස්වත්තේ පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේදී සිදුකෙරුණා.
මෙම බස් රථ ආනයනය කරන්නේ මෙට්‍රො ට්‍රාන්සිට් සමාගම සඳහායි. එය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුබද්ධ සමාගමක්.
ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ ප්‍රවාහන අමාත්‍යංශය සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්.) අතරයි.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ නියෝජිතයින් එක්ව සිටියා.
නව බස් රථ 104ම එළඹෙන අගෝස්තු මාසයේදී මෙරටට ගෙන ඒමට නියමිත අතර, ඒවා ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව තවත් කාර්යක්ෂම කිරීමට යොදාගන්න බවයි සඳහන් වෙන්නේ.
මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බී. එම්. පියතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
