විමල් වීරවංශ ඇතුළු හය දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 13ට කල් යයි

2016දී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉස්සරහ පාර බ්ලොක් කරලා උද්ඝෝෂණයක් කරලා ජනතාවට අපහසුතා ඇති කළා කියන චෝදනාවට, විමල් වීරවංශ ඇතුළු හය දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 13ට කල් දාලා තියෙනවා. අද මේ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහත්තයා ඉස්සරහ කැඳවලා තිබුණා. හැබැයි සාක්ෂිකාරයෝ අධිකරණයට ඇවිල්ලා නැති නිසා, නඩුව ආයෙත් ජූලි 13ට කැඳවන්න තීරණය කරලා තියෙනවා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 2016 පෙබරවාරි 6 වෙනිදා. එදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට ආපු වෙලාවේ, ඒකට විරෝධය පළ කරමින් තුන්මුල්ලේ තියෙන UN කාර්යාලය ඉස්සරහ උද්ඝෝෂණයක් කරලා පාර අවහිර කළා කියලා කුරුඳුවත්ත පොලිසිය මේ නඩුව දාලා තියෙන්නේ. මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත යටතේ වරදක් කරලා තියෙනවා කියලා චෝදනා එල්ල වෙලා තියෙන්නේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් කියන අයට. අද ඔක්කොම අධිකරණයටත් ඇවිත් හිටියා.

Share This