අඩි 13ක් දිග මෝරකුගේ ප්‍රහාරයකින් පුද්ගලයකුට දිවි අහිමිවෙයි
ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ආසන්න ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන Rottnest Island අසල මුහුදු ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු මෝර ප්‍රහාරයකින් 38 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වාර්තා අනුව ඔහු මිතුරෙකු සමඟ spear fishing සඳහා මුහුදට ගොස් සිටියදී මීටර් 4ත් 5ත් අතර විශාලත්වයේ සුදු මෝරයෙකු විසින් ප්‍රහාරයට ලක්ව තිබෙනවා. එම අවස්ථාවේදී ඔහු බෝට්ටුවෙන් මීටර් 20ක් පමණ දුරින් සිට ඇති බවත්, ප්‍රහාරයෙන් පාදවලට බරපතළ තුවාල සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළා. ඔහුගේ මිතුරන් වහාම ඔහුව බෝට්ටුවට රැගෙන ගොස් CPR ලබාදී දිවයින වෙත ගෙන ආවත්, හදිසි වෛද්‍ය කණ්ඩායම් ඔහුගේ ජීවිතය බේරාගැනීමට අසමත් වුණා. මෙම සිදුවීමෙන් පසු එම මුහුදු කලාපයේ මෝරුන් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ප්‍රදේශයේ ජල ක්‍රීඩා සහ සර්ෆ් ක්‍රියාකාරකම් කරන අයට අතිරේක සැලකිල්ලෙන් සිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත්, Rottnest Island අවට මුහුදු ප්‍රදේශ මෝරුන් සිටින කලාප ලෙස ප්‍රසිද්ධ වුවද, බොහෝ සර්ෆර්වරු සහ සංචාරකයන් එය නොතකා සාමාන්‍ය පරිදි සර්ෆ් සහ මුහුදු ක්‍රීඩා වල නිරත වීමත් මෙම සිදුවීමත් සමඟ නැවත අවධානයට ලක්ව තිබෙනවා.
