අමෙරිකාව සහ චීනය අමුතු ගමනක? Xi Jinping බෝයිං යානා 750ක ඇනවුමක් ඉල්ලයි

මෙම වාර්තාව අනුව, අමෙරිකානු Boeing සමාගමෙන් චීනය ගුවන් යානා විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වී ඇති බව සඳහන් වෙනවා.
ඒ අනුව, චීනය මුලින් යානා 200ක් පමණ මිලදී ගැනීමට එකඟ වී ඇති අතර, එය ඉදිරියේදී යානා 750ක් දක්වා වැඩි විය හැකි බවද වාර්තා වේ. මෙම යානා සඳහා GE Aerospace විසින් නිපදවන එන්ජින් භාවිත කිරීමට නියමිතයි.
මෙය අමෙරිකානු ජනාධිපති Donald Trump සහ චීන ජනාධිපති Xi Jinping අතර පැවති සාකච්ඡා වලින් පසුව ඇති වූ එකඟතාවක් ලෙස සඳහන් වේ.
මෙය සාමාන්‍ය ගුවන් යානා ගනුදෙනුවක් පමණක් නොව, අමෙරිකාව සහ චීනය අතර තිබූ වෙළඳ හා දේශපාලන ආතතීන් අඩු වීමට හැකි ලකුණක් ලෙසද විශ්ලේෂකයින් සලකනවා.
එක් පැත්තකින්, මෙය අමෙරිකාවේ Boeing සමාගමට විශාල ව්‍යාපාරික වාසියක් වන අතර, අනෙක් පැත්තෙන් චීනය යුරෝපීය Airbus සමාගමට තිබූ වෙළඳ බලයත් අභියෝගයට ලක් කරන තත්ත්වයක් ඇති විය හැකි බවද කියනවා.
