“දේශයේ දැරියන් පණ මෙන් රැකගමු” ශ්‍රී ලංකා පොලිසියෙන් මාර්ගෝපදේශයක්

අද කාලයේ සමහර අවස්ථාවලදී දැරියන්, ආගන්තුක පුද්ගලයන් හෝ අනිසි සබඳතා හරහා රැවටීම්වලට හෝ අනිසි බලපෑම්වලට ලක්වෙන්න ඉඩ තියෙනවා කියලා පොලිසිය සඳහන් කරනවා.
මෙයට ප්‍රධාන හේතු ලෙස කියන්නේ:
දෙමාපියන්ගේ වැඩබහුලත්වය නිසා දරුවන්ට ප්‍රමාණවත් අවධානය නොලැබීම
ආදරය, අවධානය බාහිර පුද්ගලයන්ගෙන් සෙවීමට දරුවන් පෙළඹීම
සමාජ මාධ්‍ය සහ ජංගම දුරකථන අධික ලෙස භාවිතය
ආගන්තුකයන් සමඟ අවිශ්වාසනීය සම්බන්ධතා ඇතිවීම
මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනය, හැසිරීම සහ අනාගතය පවා අහිතකර ලෙස බලපෑම් විය හැකි බවත් සඳහන් කරයි.
ඒ නිසා පොලිසිය මව්පියන්ට කියන්නේ:
දරුවන්ට ආදරය සහ අවධානය දීලා විශ්වාසයෙන් කතා කරන්න ඉඩ දෙන්න
දරුවන්ගේ දුරකථන/සමාජ මාධ්‍ය භාවිතය ගැන අවධානයෙන් ඉන්න
අමුතු හැසිරීම් හෝ වෙනස්කම් දැක්කොත් වහාම සොයා බලන්න
දරුවන්ට ඕනෑම ගැටලුවක් විශ්වාසයෙන් කියන්න පුළුවන් පරිසරයක් හදන්න
දරුවන්ටත් කියන්නේ:
ආගන්තුකයන්ට විශ්වාස නොකරන්න
පුද්ගලික තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ බෙදා නොගන්න
කිසිම ගැටලුවක් වුනොත් මව්පියන්ට හෝ ගුරුවරුන්ට වහාම කියන්න
අවසාන වශයෙන්, මෙවැනි අවදානම් වලින් දරුවන් ආරක්ෂා කරගන්න මව්පියන් සහ දරුවන් දෙපාර්ශවයම එක්ව අවධානයෙන් සිටිය යුතු බවයි මෙම දැනුවත් කිරීමේ ප්‍රධාන අදහස.
