දකුණු අප්‍රිකාවට ලකුණු 11ක තියුණු ජයක්
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 11කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 183ක්.
එහිදී ඩේවිට් මිලර් ලකුණු 82ක් සහ ජෝර්ජ් ලින්ඩ් ලකුණු 48ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී ශයින් ෂා අෆ්රිඩි සහ අබ්රාර් අහමඩ් කඩුලු තුන බැගින් දවාගැනීමටයි සමත් වුණේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 184ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 172ක් පමණයි.
එහිදී මොහොමඩ් රිස්වාන් ලකුණු 74ක් රැස්කරගත්තා.
පන්දුයැවීමේදී ජෝර්ජ් ලින්ඩ් කඩුලු 4ක් බිඳහෙළුවා.