මන්ත්‍රී නාමල් රාජපක්ෂ Asian Cultural Public Welfare Forum 2026 අමතයි

නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් තමන්ගේ විශිෂ්ටම ජයග්‍රහණ ලබාගෙන තිබෙන්නේ සංවර්ධනය සහ ශිෂ්ටාචාරය එකට ගමන් කළ අවස්ථාවලදී බව පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ 2026 මැයි 15 දින Hong Kong හි පැවති Asian Cultural Public Welfare Forum 2026 අමතමින්.

එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, අද ආසියාව ලෝකයේ ආර්ථික සහ දේශපාලන බලය වැඩි වශයෙන් සංකේන්ද්‍රණය වන කලාපයක් බවට පත්වෙමින් තිබෙනවා.

2030 වන විට ලෝක ආර්ථික වර්ධනයෙන් 60%කට ආසියාව දායක වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ සමඟම ආසියාව ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවේගය බවට පත්වනු ඇති බව ඔහු පවසයි.

කෙසේ වෙතත්, සංවර්ධනය සමඟ මනුෂ්‍ය සාරධර්ම සහ සංස්කෘතික අනන්‍යතාව රැකගැනීම වැදගත් බවද ඔහු අවධාරණය කරනවා.

“නවීකරණය අපේ අනන්‍යතාවය නැති කරයිද?”, “තාක්ෂණය මිනිසාට සේවය කරයිද?”, “ආර්ථික සංවර්ධනය සොබාදහම ආරක්ෂා කරයිද?” වැනි ප්‍රශ්න අද ලෝකය මුහුණ දෙන ශිෂ්ටාචාරාත්මක අභියෝග බව ඔහු කියයි.

ඔහුගේ අදහස වූයේ, ආසියාව සංවර්ධනයේදී ආර්ථික වර්ධනය පමණක් නොව, සංස්කෘතිය, සාරධර්ම සහ පරිසරයද සමඟ ඉදිරියට යා යුතුයි.

Share This