පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට – කුඩාඔය පොලිස් ස්ථානය.
කුඩාඔය පොලිස් වසමේ ඇතිලිවැව ප්‍රදේශයේදී පුරාවස්තු හොයන්න නීතිවිරෝධී ලෙස කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම සිදුකරලා තියෙන්නේ 2026 මැයි 14 වෙනිදා සවස, කුඩාඔය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි.
පොලීසිය කියන්නේ සැකකරුවන් ඉඩමක් තුළ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. ඒ සමඟ කැණීම් සඳහා භාවිත කළ උපකරණත් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26ත් 52ත් අතර වයස්වල පසුවන ඇතිලිවැව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
