BRICS ප්‍රසිද්ධියේ අමෙරිකාව සහ ඊශ්‍රායලය හෙළා දැකිය යුතුයි – ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාක්චි BRICS රටවලින් ඉල්ලීමක් කරමින්, ඇමරිකාව සහ ඉස්රායලය ඉරානයට එරෙහිව කළ ක්‍රියා “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්” ලෙස ප්‍රසිද්ධියේ හෙළා දකින්න කියලා පවසා තිබෙනවා.

නව දිල්ලියේ පැවැත්වෙන BRICS විදේශ අමාත්‍ය හමුවේදී ඔහු කියා සිටියේ, ඉරානය සාකච්ඡා සඳහා තවමත් සූදානම් වුවත්, තම රට ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පෙබරවාරි 28 සිට ආරම්භ වූ මෙම ගැටුම නිසා ලෝක දේශපාලනය සහ බලශක්ති වෙළඳපොළත් දැඩි ලෙස බලපෑමට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත්, BRICS කණ්ඩායම තුළ ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි විරුද්ධ අදහස් ඇති රටවල් සිටින නිසා, එකඟ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම අසීරු විය හැකි බවත් වාර්තා වෙනවා.

Share This