බංගලාදේශයට කඩුලු 07ක අන්ත පරාජයක්
බංගලාදේශය සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 07කින් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 227ක්.
එහිදී මහමුදුල්ලාහ් ලකුණු 62ක්, ටැන්සීඩ් හසන් ලකුණු 46ක් සහ ටන්සීම් හසන් ශකිබ් ලකුණු 45ක් ලබා ගැනීමටයි සමත් වුණේ.
පන්දුයැවීමේදී ජෙඩෙන් සීල්ස් කඩුලු 04ක් දවාගත්තා.
ජයග්‍රහණය සඳහා ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36.5ක් තුළ කඩුලු 03ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.
එහිදී බ්‍රැන්ඩන් කිංග් ලකුණු 82ක්, එවින් ලුවිස් ලකුණු 49ක් සහ කේසි කර්ටි ලකුණු 45ක් ලබාගැනීමටයි සමත් වුණේ.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ තරග දෙකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවන්නේ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමයි.
දෙරට අතර තෙවන සහ අවසන් තරගය හෙට (12) පැවැත්වීමට නියමිතයි.