ඉදිරි පැය 36 අතුළතදී දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ඉදිරි පැය 36 ඇතුළත ශ්‍රී ලංකාව ආශ්‍රිතව තියෙන පහළ වායුගෝලීය කැළඹිල්ල අඩු පීඩන කලාපයක් වෙලා වර්ධනය වෙන්න ඉඩ තියෙනවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා.
ඒ හින්දා මේ දවස්වල තියෙන වැසි තත්ත්වය තවත් දින කිහිපයක් පුරා දිගටම තියෙන්න පුළුවන් කියලයි ඔවුන් කියන්නේ.
දිවයිනේ ගොඩක් ප්‍රදේශවල අහස වලාකුළින් වැහිලා තියෙන අතර, විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්නත් ඉඩ තියෙනවා.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සමහර ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබෙන්න පුළුවන්.
ඒ වගේම ගිගුරුම් සහිත වැසි එක්ක එන
තාවකාලික තද සුළං සහ අකුණු ගැනත් සැලකිලිමත් වෙලා, අනතුරු වලින් බේරෙන්න අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්න කියලා ජනතාවට දැනුම් දී තිබෙනවා.
