15හැවිරිදි පාසල් සිසුවෙක් දියනෑමට ගොස් මා ඔයට බිලි වෙයි

මාවනැල්ල හේලිස්වත්ත ප්‍රදේශයෙන් අද අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා. මා ඔයේ දිය නාන්න ගිය 15 හැවිරිදි පාසල් දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මියගිය දරුවා තවත් මිතුරෙකු සමඟ මා ඔයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවයි.

දරුවාගේ මෘත ශරීරය මේ වනවිට අරණායක රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Share This